23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකැබිනට් ඇමතිවරු ගැන ජනපති දැඩි තීරණයක් ගනී

කැබිනට් ඇමතිවරු ගැන ජනපති දැඩි තීරණයක් ගනී

රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා සම කැබිනට් ප්‍රකාශකවරු පත් නොකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ අනුව අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින්ම අදාළ තීන්දු තීරණ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බවයි ජනාධිපතිවරයා දන්වා ඇත්තේ.

මීට අමතරව විපක්ෂය යොමුකරන ප්‍රශ්න සඳහා පිළිතුරුදීම සඳහා අදාළ කැබිනට් අමාත්‍යවරයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි විය යුතු බවට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

ඊයේ (25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම උපදෙස් ලබාදුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ.