― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඛනිජ තෙල් සංස්ථාවට මිලියන 1900ක පාඩුවක්?

ඛනිජ තෙල් සංස්ථාවට මිලියන 1900ක පාඩුවක්?

සංස්ථාව සතු බෙදාහරින්නන්ගේ පිරවුම්හල් හා භාණ්ඩාගාරයට අයත් බෙදාහරිනන්ගේ පිරවුම්හල්වලින් මාසික උපයෝගිතා ගාස්තුවක් අයකර ගැනීමට තීන්දු කළද එම තීරණය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවීම නිසා ඉකුත් වර්ෂ පහක කාලය තුළදී ඛනිජතෙල් නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා පාඩුවක් වී ඇති බව ජාතක විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක දැක්වේ.

ඛන්ජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයට අනුව 2014 ජනවාරි මස සිට මෙකී මාසික උපයෝගිතා ගාස්තුව අයකිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

කෙසේවුවද මාසික උපයෝගිතා ගාස්තුව අයකරගෙන තිබුණේ අලෙවිකරුවන් 248 දෙනෙකු අතුරින් 11 දෙනෙකුගෙන් පමණි. එම නිසා 2014 වර්ෂයේ සිට සංස්ථාවට වාර්ෂිකව රුපියල් මිලියන 300කට වඩා ආදායමක් අහිමි වී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

දළ වශයෙන් 2014 වර්ෂයේ සිට 2019 දක්වා කාලය තුළ සංස්ථාවට රුපියල් මිලියන 1900කට වඩා අලාභයක් වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට තිබේ. මාසික උපයෝගිතා ගාස්තු අය කරගැනීමට සංස්ථාව විසින් ඵලදායී පියවරක් ගෙන නොමැති බවද විගණන වාර්තාවේ දැක්වෙයි.

මේ සඳහා වගකිව යුතු පාර්ශවයන්ගෙන් සංස්ථාවට සිදුවී ඇති පාඩුව අය කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර්දේශ කොට තිබේ.

කෙසේවුවද මේ සම්බන්ධව සංස්ථාවේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය අලෙවිකරණය විසින් කරනු ලැබූ නිර්දේශයන්ට එකඟ වී නැති බවයි.

පෙර ගෙවීමේ තීරණයේ අපහැදිලි බව හා පරස්පර බව සඳහන් කරමින් මෙම ගෙවීම් පිළිබඳ සියලු තීරණ අවලංගු වී ගොස් ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.