27.8 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඔරුගොඩවත්තේදී අවසන් ගමන් යයි

ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඔරුගොඩවත්තේදී අවසන් ගමන් යයි

වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (25) රාත්‍රියේ මෙම ඝාතනය සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක පුද්ගලයෙක් වන අතර ඔහු, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියසාද් යන අයගේ සහෝදරයා බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඝාතනය සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.