28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"පොහොට්ටුවේ 15ක් රනිල්ට ඡන්දෙ දෙන්න කෝටි 15 ගානේ අරන්" - රාජිත

“පොහොට්ටුවේ 15ක් රනිල්ට ඡන්දෙ දෙන්න කෝටි 15 ගානේ අරන්” – රාජිත

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට ආණ්ඩුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට කෝටි 10 – 15 අතර මුදලක් ලබා දී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා යූටියුබ් නාලිකාව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

පොහොට්ටුව ඡන්ද ලබා ගැනීමේදී ගනුදෙනු කළේ එක් එක් මන්ත්‍රීවරයා සමඟ බවත් එහිදී එම මන්ත්‍රීවරුන්ට මුදල්, ගිනි තැබූ නිවාස වෙනුවට නව නිවාස සහ ඒවාට වන්දි, වාහන බලපත්‍ර, අවුරුදු දෙකහමාරක සුරක්ෂිතතාව වැනි කරුණුවලට එකඟ වී රනිල් වික්‍රමසිංහට ඡන්ද ලබා ගැනීමට පොහොට්ටුව කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.

ඩලස්ට සහය දීමට තමා සමඟ සාකච්ඡා කළ පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් අතරමැදියෙකු සමග සාකච්ඡා කර ඔවුන්ද මුදල් ඉල්ලා සිටි බවත් එම කණ්ඩායමට පොහොට්ටුවේ 15 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බවත් ඔහු එහිදී කියා සිටියේය.

එම පිරිස බලාපොරොත්තු වන මුදල් ගණන කීයද යන්න විමසා තමා ඒ ගැණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැන්වූ බවත් “සත පහක්වත් දෙන්න එපා” යැයි එහිදී ඔහුගේ ප්‍රතිචාරය වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එම පිරිස පසුව රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට ගිය බවත් ඔවුන්ට එහිදී එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 10 – 15 ලබා ගෙන ඇති බවත් සේනාරත්න එහිදී හෙළිදරවු කළේය.