27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"මැයි 09 සිද්ධියේ වින්දිතයින්ට පොලීසිය වන්දි ගෙවිය යුතුයි"

“මැයි 09 සිද්ධියේ වින්දිතයින්ට පොලීසිය වන්දි ගෙවිය යුතුයි”

ගෝඨාගෝගමට මැයි 09 වැනිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කළ පරීක්ෂණයකින් පසු වින්දියන්ට පොලීසිය වන්දි ගෙවිය යුතු බවට නිර්දේශ කර තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් පසු සාමාකාමී අරගකරුවන්ට පහර දීමට පැමිණි පිරිස් පාලනය කිරීමට හෝ වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ සිට විරෝධතා භූමිය අවට සේවයේ සිටි සියලු පොලිස් නිලධාරීන් පිළිබඳව විමර්ශනයක් සිදුකළ යුතු බවට ද මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාට නිර්දේශ කරයි.

මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මැයි 09 ප්‍රහාරය ක්‍රියාත්මක විමෙන් පොලිස්පතිවරයා සාමකාමී විරෝධතාකරුවන්ට ආරක්ෂාව සහතික කිරීමට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අපොහොසත්වී ඇති බවයි.