වැල්ලවත්ත නාවික වෙරළ ආරක්ෂක කඳවුර පිටුපස මුහුදු තීරයට ගොඩ ගසා තිබියදී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) උදෑසන සොයාගෙන තිබෙනවා.
වැල්ලවත්ත පොලිසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති අතර එය අවුරුදු 35ක පමණ පුද්ගලයෙකුගේ බවටයි සැක කරන්නේ.
මිය ගිය තැනැත්තාගේ අනන්‍යතාවය පිළිබදව මේ වනතෙක් තොරතුරක් වාර්තා වී නොමැති අතර වැඩිදුර විමර්ශන වැල්ලවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබනවා.