25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews01 වැනිදා සිට ගෑස් පෝලිම් අවසන් වන ලකුණු

01 වැනිදා සිට ගෑස් පෝලිම් අවසන් වන ලකුණු

අගෝස්තු 01 වැනිදා සිට කිසිදු හිඟයකින් තොරව ගෑස් ලබා ගැනීමට හැකි බව ලිට්රෝ සමාගම දැනුම් දී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගෑස් හිගය නිසා ගෘහණියන්, අම්මාවරුන් විශාල පීඩාවකට පත් වුණා එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු කරගෙන යෑමටත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යෑමටත්. මේ වන විට රජය ඉතාම දැඩි ආර්ථික අර්බුදයක් හා අසීරුකම් මැද්දේ මේ සඳහා නිරන්තරයෙන් අඛණ්ඩව රැස්වෙලා රජයක් ලෙස ගත හැකි සියලුම උත්සාහයන් දරලා තියෙනවා. ගෑනිගෙ මේ වසරේ දෙසැම්බර් 31 වන විට අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ලිට්රෝ සමාගම විසින් අරගෙන තියෙනවා. ඒ අනුව ගෑස් පෝලිමේ ඉන්නෙ නැතුව ගෑස් ලබා ගැනීමට අගෝස්තු පළවෙනිදා සිට කිසිදු හිඟතාවයක් ඇති නොවන බව කැබිනට් මණ්ඩලයට වාර්තා කළා.