23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossipගෝඨා අත්අඩංගුවට ගනියි යැයි බියෙන් පුද්ගලයෙකු දුම්රියට පනියි

ගෝඨා අත්අඩංගුවට ගනියි යැයි බියෙන් පුද්ගලයෙකු දුම්රියට පනියි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේදී දුම්රියට පැන සියදිවි හානි කරගත් පුවතක් වාර්තා වෙයි.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති අයෙක් බව දැනගන්නට ලැබේ.

අදාළ පුද්ගලයා පෙරේදා (25) දහවල් 12.45ට පමණ කොළඹ මීරිගම මන්දගාමී දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති අටහ්‍ර රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂක සුදර්ශන ශ්‍රීලාල් ඉන්ද්‍රජිත් දිසානායක හමුවේ මියගිය පුද්ගලයාගේ දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් දිවිනසා ගැනීමට පෙර තම පියා විසින් ලියන ලද ලිපියක්ද ඉදිරිපත් කර ඇත.

සිය පියා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව යාම සම්බන්ධයෙන් දැඩි දුකින් කාලය ගත කළ බවත් විදෙස් රටකදී හිටපු ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන බවට පළවන පුවත් සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස කම්පා වූ බවත් දියණිය ප්‍රකාශයක් ලබාදෙමින් පවසා තිබේ.