32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPolitical"මට රනිල්ගෙන් ඇමතිකම් එපා" - විමල් වීරවංශ

“මට රනිල්ගෙන් ඇමතිකම් එපා” – විමල් වීරවංශ

දැන් ඉන්නේ අරගලකරුවන් නොව අරාජිකකරුවන් බවත් තමාට රනිල්ගෙන් ඇමතිකම් අවශ්‍ය නැති නමුත් “මට මගේ රාජ්‍ය ඕනෑ” බවත් පොදුජන පෙරමුණේ මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (27) පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ විවාදයට එක්වෙමිනි.

මෙහි තිබෙන්නේ රාජ්‍ය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයක් බව පැවසූ විමල් වීරවංශ වැඩිදුරටත් කියා සිටියේ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ සාධාරණ ආවේගයට ගරහන්නේ නැති නමුත් රාජ්‍ය බිඳ වැට්‍ටවීම සඳහා මහජන පීඩනය අවභාවිතා කරමින් සිටින බවයි.

කුමන බාධා තිබුණත් තීරණාත්මක මොහොතක රාජ්‍ය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයෙන් රාජ්‍ය ගලවා ගත යුතු බවද එන එන මිනිහා ගෝ හෝම් කියන්න කාටවත් යුතුකමක් නැතැයිද විමල් වීරවංශ පැවසීය.

“ගෝඨා ගෝ හෝම් කිව්වම ගියා. දැන්වත් මේ රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ඉඩ දෙන්නේ නැද්ද?” වීරවංශ එහිදී ප්‍රශ්න කළේය. රාජ්‍ය දේපළ අත්පත් කර ගැනීම සාමකාමී දැයි ප්‍රශ්න කළ වීරවංශ ලංකා හමුදාවේ සාමකාමී දියුණු කම නිවට කම කියා හිතන්න එපා යැයි පැවසීය.