― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ගේ පුරප්පාඩුව වජිර අබේවර්ධන පුරවයි

රනිල්ගේ පුරප්පාඩුව වජිර අබේවර්ධන පුරවයි

පුරප්පාඩු වූ එජාපයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ වජිර අබේවර්ධන අද (27) පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුටයට බවට පත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයෙහි වජිර අබේවර්ධන මෙලෙස දිවුරුම් දී තිබේ.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර‍යෙන් ඉවත් වන බවට පාර්ලිමේන්තුවට නිල වශයෙන් දැනුම් දුන් ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.