28.9 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක් පත්වෙති

තවත් ජනාධිපති උපදේශකවරු දෙදෙනෙක් පත්වෙති

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් තවත් පත්කිරීම් දෙකක් සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර සහ මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරු ලෙස පත් කර තිබේ.

මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ධුරයේත් පසුගියදා සිය රාජකාරී ආරම්භ කර තිබේ.

කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති සහ සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස්, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය ලෙස ජිනීවා සහ නිව්යෝර්ක්හි කටයුතු කළ ඇති අයෙකි.