27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අදයි

ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම අදයි

මහනුවර දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් සතර මහා දේවාලයන්හි කප් සිටුවීම අද (29) අලුයම සුබ මොහොතින් සිදු කෙරුණා.

සතර කෝරලයෙන් කප කාප රැගෙන ඒම ඊයේ (28) දින සිදු කෙරුණු අතර, කප රැගෙන ඒමේ පෙරහැරට දළදා මාලිගාවේ ඇත්ගාලේ මියන්රාජා, සිංහරාජා සහ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට අයත් සුරනිමල හස්තියා සහභාගී වුණා.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර ලබන අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට නියමිත අතර රන්දෝලි පෙරහර අගෝස්තු 07 ඇරඹෙනවා.

අවසන් රන්දෝලි මහ පෙරහර අගෝස්තු 11 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.