23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෙවාගන්න ඩොලර් නැතිව ඩීසල් නැවක් සති දෙකක් පුරා මුහුදේ

ගෙවාගන්න ඩොලර් නැතිව ඩීසල් නැවක් සති දෙකක් පුරා මුහුදේ

ඩුබායිහි කොරල් එනර්ජි සමාගමෙන් කොළඹ වරායට ඉකුත් 16 වැනිදා ගෙන්වාගත් මෙට්‍රික් ටොන් 40,000ක් අඩංගු ඩීසල් නෞකාව නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලක් නොමැති නිසා එය තාමත් ගොඩබා ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

මේ වනවිට ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු හා රක්‍ෂණ ගාස්තු ආදිය සඳහා පමණක් ඩොලර් එක්ලක්‍ෂ අනූඅටදහසක මුදලක්ද අමතරව ගෙවීමට සිදුව තිබෙන බව සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය. මෙරට ඉන්ධන අර්බුදය විසඳීම සඳහා හදිසි මිලදී ගැනීම් යටතේ මෙම ඩීසල් නෞකාව ඇණවුම් කර තිබේ.