27.2 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් පුද්ගලයා පොලීසියට බාරවෙයි

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලට ගත් පුද්ගලයා පොලීසියට බාරවෙයි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිල ධජය ඇඳ ඇතිරිල්ලට යොදා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ කළ පුද්ගලයා පොලිසියට භාර වී තිබෙනවා.

අදාළ පුද්ගලයා නීතිඥයෙකු මාර්ගයෙන් අද (29) උදෑසන වේල්ල වීදිය පොලිසියට පැමිණ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුගිය 09 වැනිදා අරගලකරුවන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ මෙම පුද්ගලයාද ඊට ඇතුළු වී එම ධජය සොරකම් කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එය ඇඳ ඇතිරිල්ලට යොදා ගනිමින් එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍යටද මුදාහැර තිබුණා. උදේනි කළුතන්ත්‍රී නම් මෙම සැකකරු වරාය ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙක්.

මොහු සමගි ජන බලවේගය වරාය වෘත්තීය සමිතියේ හිටපු සභාපතිවරයා ද වනවා.
සැකකරුගෙන් මේ වනවිට දීර්ඝව ප්‍රශ්න කරන අතර ඔහු සම්බන්ධයෙන් ඉදිරි‍යේ දී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.