26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsටොන් 25ක් බර රොකට්ටුවක් ලබන සතියේ පෘථිවියට කඩා වැටේ

ටොන් 25ක් බර රොකට්ටුවක් ලබන සතියේ පෘථිවියට කඩා වැටේ

ටොන් 25ක් බර රොකට්ටුවක සුන්බුන් ලබන සතිය තුළ පෘථිවියට කඩා වැටෙනු ඇතැයි විශේෂඥයින් අනාවැකි පළ කරනවා.

චීනය විසින් අභ්‍යවකාශ ගතකළ Long March 5B රොකට්ටුවේ සුන්බුන් මෙලෙස පෘථිවියට පතිත වන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.

චීනය යටතේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහාවන දෙවන මොඩියුලය රැගෙන Long March 5B රොකට්ටුව පසුගිය ඉරිදා (24) කක්ෂ ගත වුණා.

දත්ත විශ්ලේෂණය කර ඇති ආකාරයට රොකට්ටුවේ කොටස් ජූලි 31 වන දින අළුයම 3:30ට පෘථිවි වායුගෝලයට ඇතුළු වනු ඇතැයි පුරෝකථනය කරනවා.

මෙම චීන රොකට්ටුව පෘථිවියේ කොතැනට පතිතවේදැයි අනාවැකි කීම තවමත් ඉක්මන් වැඩි බව පවසන විශේෂඥයින් එහි කක්ෂය මත පදනම්ව, උතුරු අක්ෂාංශ අංශක 41 සහ දකුණු අක්ෂාංශ 41 අතර ස්ථානයකින් පෘථිවි වායුගෝලයට ඇතුල් වනු ඇත බවයි ඔවුන් පවසා සිටියේ.

තවද එහි සියලුම සුන්බුන් පෘථිවි වායුගෝලයට ඇතුළු නොවන බව පවසන විශේෂඥයින් සඳහන් කළේ ඒවායින් කොටසක් අභ්‍යවකාශය තුළදීම දැවී විනාශ වන බවයි.