27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර ලබාගැනීමට දුන් කාලය දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර ලබාගැනීමට දුන් කාලය දීර්ඝ කෙරේ

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබාදුන් සහන කාලය අගෝස්තු 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව දැනුම් දෙනවා.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ පොදු ප්‍රවාහන සේවා සීමා වීම හේතුවෙන් මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබෙනවා.

පසුගිය ජුනි 29 වන දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන බලපත්‍ර සඳහා අද (29) එනම් ජුලි මස 29 දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

ඒ, අනුව එම දඩ මුදල් අය නොකිරීමේ කාල සීමාව අගෝස්තු මස 31 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා.