― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"ශ්‍රී ලංකාව 16 වතාවක් IMF පොරොන්දු කඩකරලා"

“ශ්‍රී ලංකාව 16 වතාවක් IMF පොරොන්දු කඩකරලා”

ශ්‍රී ලංකාව විසින්16 වතාවක් IMF වෙත ලබාදුන් පොරොන්දු කඩකර ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවයට නොව අපගේ අවශ්‍යතාවයට අනුව ආර්ථිකය හැඩගසා ගතයුතු බවය.

මම හිතන්නේ IMF, WORLD BANK ඔය ආයතන සහ රටවල් හැමෝම කියන කතාව ඇත්ත, කෙනෙකුට අපි වුනත් ණයක් දෙන්න අකමැති වෙනවා මැලි වෙනවා එයා ඒ ණය අරගෙන විනාශයට නම් යන්නේ. අපිට පේන්න ඕන පුද්ගලයෙක් වුණත් එයා ඒකෙන් කිසියම් ආකාරයක ප්‍රතිලාභයක් ලබලා එයා ඒකෙන් ආර්ථික අමාරුකමෙන් ගොඩ එන බව පේන්න ඕන. එතකොට රටකට වුනත් වැඩසටහනක් නැතුව මේ අර්බුදයෙන් ගොඩ එන්නේ මෙහෙමයි කියන එක පිළිබඳව මම හිතන්නේ නෑ කවුරුවත් අපිට ණය දෙන්න සූදානම් වෙනවයි කියලා. මොන රටකින්වත් ඔය වගේ තියෙන බහුපාර්ශවීය ආයතනයකින්වත් ඒක කරන්නේ නෑ ඒගොල්ලෝ. මොකද ඒගොල්ලෝ දන්නවා දැන් අපි කියමනටත් කියනවා නේ අපි 16 වතාවක් IMF එකෙන් ණය අරන් තියෙනවයි කියලා. නමුත් ඒ ගත්ත ණයවලින් අපි ඔය කියපු වැඩසටහන් දිගටම කරගෙන ගියෙත් නෑ නේ. අපි එකඟ වෙනවා හා හරි අපි කරන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි අපි අවුරුදු කිහිපයක් යනකොට ඒවා අමතක වෙලා ගිහිල්ලා වෙන වෙන ප්‍රමුඛතාවලට එකතු වෙනවා. එකතුවෙලා අපේ වැඩසටහන කෙරෙන්නේ නෑ. ඉතින් 17 වෙනි වතාවේ ඔයගොල්ලෝ ඒක හරියට කරනවාද කියලා IMF එක අපෙන් ඇහුවේ නෑ. ඇහුවේ නැතත් ඒගොල්ලෝ ඒක බලාපොරොත්තු වෙනවා.

දෙවැනි කාරණාව ඇයි අපි IMF එක සහ WORLD BANK එක දිහා බලාගෙන ඉන්නේ. මේක අපේ ප්‍රශ්නයක් නේ. ඇයි අපි මේක කරන්නේ නැත්තේ. කවුද ඒක කළයුත්තේ. IMF එකට ඕන නිසා නෙමෙයි අපි අපේ ආර්ථිකය හැඩගසා ගන්න ඕන. අපිට ඕන නිසා. අපිට ඕන නිසා අපි මේක හැඩගසා ගතයුතු නම් ඇයි අපි මේකට පිළියම් හොයන්න මේ පසුගිය අවුරුදු දෙක තිස්සෙම මුකුත් ම කරලා නෑ නේ තාම මේ වෙනකල්. ඇයි අපි කරන්නේ නැත්තේ. එතන තමයි ප්‍රශ්නය තියෙන්නේ.