27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙරළබඩ - විවේකානන්ද පාරේ වෙඩි තැබීමක්

වෙරළබඩ – විවේකානන්ද පාරේ වෙඩි තැබීමක්

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද පාර ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.

මෘතශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඝාතනයට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.