26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ඉන්ධන ලබාදෙන්නේ QR ක්‍රමවේදයට පමණයි

අද සිට ඉන්ධන ලබාදෙන්නේ QR ක්‍රමවේදයට පමණයි

දිවයින පුරා අද (01) සිට QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ආරම්භ කර තිබේ.

ඒ අනුව අද (01) සිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ QR ක්‍රමවේදය සහ කෝටා යටතේ පමණයි.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ (31) පස්වරුවේ නිවේදනය කළේ ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා වාහන මිලියන පහකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බවයි.

එමෙන්ම දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වලින් 90%ක පමණ සංඛ්‍යාවක් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේය. මේ අතර ඉන්ධන තොග නීතිවිරෝධී අන්දමින් ගබඩා කිරීම, විකිණීම හෝ ඉන්ධන ලබාදීමේදී උපදෙස් පිළි නොපදින පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි 074 2123123 යන වට්ස්ඇප් අංකය වෙත යොමු කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දෙනු ලබයි.

එමෙන්ම අද (01) සිට QR ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට උත්සහා දරණ පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කළේය.
QR ක්‍රමවේදයට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස සහ එම විස්තර සත්‍යාපනය කිරීම සඳහා වාහනයේ අංක තහඩුව සමඟ උපාංගයේ ඇති QR කේත වාහන අංකය පරීක්ෂා කරන ලෙසත් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් සහ කළමණාකාරීත්වයන්ගෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඉල්ලා සිටියි.