27 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉදිරි දෙසතිය ගැන අනතුරු ඇඟවීමක්

ඉදිරි දෙසතිය ගැන අනතුරු ඇඟවීමක්

බිම් මට්ටමින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම විශාල වශයෙන් වැඩිවීමක් පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ පාසල් සහ වැඩබිම් ආශ්‍රිතව රෝගී තත්ත්වය පැතිරයාම පාලනය කිරීම සඳහා කඩිනමින් පියවර ගත යුතු බවයි. එමෙන්ම ආසාදිතයින් හඳුනාගැනීමට යොදාගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට සෞඛ්‍ය නිලධාරී කාර්යාල සතුව නොමැති බවද ඔහු සඳහන් කළේය.

පවතින ආර්ථික අර්බුදය වැනි කරුණු හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් විශාල වශයෙන් බලාපොරොත්තු විය හැකි බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (31) දිනයේ මෙරටින් කොරෝනා රෝගීන් 113 දෙනෙකු වාර්තාවී ඇති අතර, ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 665,739ක්.