31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභයට යළි මෙරටට එන්න මේ කාලය නෙවෙයි - රනිල්

ගෝඨාභයට යළි මෙරටට එන්න මේ කාලය නෙවෙයි – රනිල්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

The Wall Street Journal පුවත් වෙබ් අඩවිය සමඟ ඊයේ (31) විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණීමට මෙය සුදුසු කාලය නොවන බවත් එය දේශපාලන ආතතීන් ඇවිලවිය හැකි බව එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර කළේය.

එමෙන්ම ඔහු ඉක්මනින් ආපසු එන බවට මට කිසිඳු හෝඩුවාවක් ලැබී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවන් අගෝස්තු අග වන විට එළැඹෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි ඔහු එහිදී සඳහන් කර ඇත. එමෙන්ම මෙරට පුද්ගලයින්ට ඔවුන්ගේ ආර්ථික තත්ත්වයන්හි කැපී පෙනෙන දියුණුවක් දැක ගැනීමට නම් තවත් මාස කිහිපයක් ගතවනු ඇතැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර තිබේ.