23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධානිෂ් අලී රිමාන්ඩ්

ධානිෂ් අලී රිමාන්ඩ්

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන ධානිෂ් අලී නැමැත්තා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (01) නියම කළේය.

එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේය.

මෙම නඩුව අද (01) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර සැකකරු හෙට (02) දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කර තිබුණි.