23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමැතිසබයේ තුන්වන සභා වාරයේදී අඩු වියදම් තේ පැන් සංග්‍රහයක්

මැතිසබයේ තුන්වන සභා වාරයේදී අඩු වියදම් තේ පැන් සංග්‍රහයක්

09 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අනිද්දා (03) ආරම්භ වීමට නියමිතය.

එම කටයුතු උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

ඊට අදාළ පෙරහුරුවක් හෙට (02) පෙරවරුවේ පැවැත්වීමට නියමිත අතර අනිද්දා පෙරවරු 10.30ට ආරම්භ වන නව සභා වාරයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුදෙනා පැමිණ සිටිය යුතු වෙයි.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වාර්තා වෙයි.

ඒ අනුව මෙම උත්සවයේදී ජාතික ධජය පමණක් එසවීමට කටයුතු කෙරෙනු ඇති. එමෙන්ම උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇති බවත් වාර්තා වෙයි.