― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරාජ්‍ය ආයතන රැසක ලොක්කන්ගේ මාරුවක්!

රාජ්‍ය ආයතන රැසක ලොක්කන්ගේ මාරුවක්!

රජයේ සංස්ථා – මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත් වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම තනතුරුවලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහා ඔවුන්ට මෙලෙස ඉවත්වන ලෙස දැනුම් දී ඇති අතර රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කර තිබේ.

ඒ අනුව ලබන සතියේද තවත් වෙනස්වීම් රැසක් සිදු වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නාලක කලුවැව නැවත පත් කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි. එම ධුරයේ දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදේශකවරයකු වශයෙන් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන ඩබ්ලිව් .බී. ගනේගලද, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධනද පත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංගම ඇතුළු ආයතන කිහිපයකද ඉහළ පුටු රැසක වෙනස්වීම් සිදුවීමට නියමිතය. මේ ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලටද ප්‍රධානීන් ඉදිරි කාලයේදී අලුතින් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.