23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභයට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්

ගෝඨාභයට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයේ වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසයි.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවයි.

එමෙන්ම ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනය කිරීමට කැමතිනම් පිළිගැනීමට සූදානම් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.