25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය ගැන සිංගප්පූරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්

ගෝඨාභය ගැන සිංගප්පූරු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්

රජයට එරෙහි ගොඩනැඟුණු දැවැන්ත විරෝධතා මධ්‍යයේ පසුගිය මාසයේ සිය රටින් පලා ගිය ශ්‍රී ලංකා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කිසිඳු වරප්‍රසාදයක්, මුක්තියක් හෝ ආගන්තුක සත්කාරයක් ලබා නොදුන් බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පවසයි.

සිංගප්පූරු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සඳහන් කර ඇත්තේ සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවයි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටද කිසිඳු වරප්‍රසාදයක් හෝ මුක්තියක් ලබානොදුන් බව ඔහු පාර්ලිමේන්තුව්දී සඳහන් කර තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුව තුළ රැඳී සිටීමට අවසර හිමිව ඇත්තේ ලබන 11 වැනිදා පමණයි.