27.2 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති නිවසට ගිනි තැබූ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ජනපති නිවසට ගිනි තැබූ සිද්ධියට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් නාරාහේන්පිට සහ පිළියන්දල යන ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් පසුව ඊයේ (01) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන්නන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පසුගිය ජූලි 09 වනදා පැවති දින පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය අසල පිහිටි නිවසට පිරිසක් විසින් ගිනි තබා අලාභ හානි කළා.