― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනිමල් නැවතත් ඇමති ධුරයේ දිවුරුම් දෙයි!

නිමල් නැවතත් ඇමති ධුරයේ දිවුරුම් දෙයි!

පසුගියදා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ නිමල් සිරිපාල ද සිල්වා නැවතත් අද (02) එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

නිමල් සිරිපාල ද සිල්වාට අද (02) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දැනුම්දීමක්ද කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයකු විසින් ජපාන සමාගමකින් අල්ලස් ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීම සඳහා අවස්ථාව උදාකර දීමේ අරමුණින් නිමල් සිරිපාල ද සිල්වා පසුගිය 06 වැනිදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

එම පරික්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායකට පෙරේදා (30) බාරදුන් අතර නිමල් සිරිපාල මහතා ඒ චෝදනාවට නිර්දෝෂී බව කමිටු වාර්තාවෙන් පෙන්වාදී ඇතැයි ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔහුට අමාත්‍ය ධුරය නැවත පිරිනැමීමට තීරණය කර තිබේ.