මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (02) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වීමට නියමිතය.
පළමු කුඹල් පෙරහර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත් ගෙවැදීමට නියමිතය.
දින දහයක් තිස්සේ මහනුවර නගරයේ වීදි සංචාරය කරන ඇසළ පෙරහර මංගල්‍යය 12 වැනිදා දහවල් පෙරහරින් අවසන් වීමට නියමිතය.