― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් සැරයන්වරියක් නංවාගෙන පළාගිය මෝටර් රථයකට වෙඩි

පොලිස් සැරයන්වරියක් නංවාගෙන පළාගිය මෝටර් රථයකට වෙඩි

අඹන්පොළ ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරියක බලහත්කාරයෙන් රැගෙන පළාගිය මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.

අදාල මෝටර් රථය පරීක්ෂා කර එය පොලිසිය වෙත රැගෙන යාම සඳහා කටයුතු කළ අවස්ථාවේදීයි පොලිස් සැරයන්වරියද සමඟ රථය නොනවත්වා ධාවනය කර ඇත්තේ.
අඹන්පොළ පොලිසියට ලද තොරතුරුක් මත එම සැකකටයුතු මෝටර් රථය අඹන්පොළ රෝහල අසලදී නතර කර පරික්ෂා කර තිබෙනවා.

එම රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන පසුව රථය අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙසයි රියැදුරාට උපදෙස් දී ඇත්තේ. එම උපදෙස් අනුව කටයුතු නොකළ රියදුරු අඹන්පොල පොලිස් ස්ථානය පසුකර රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි වාර්තා වුණේ.

පසුව පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් 07ක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේදී රථයට වෙඩි තබා ඇති බව සඳහන්. රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති අතර එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය සැරයන්වරිය මුදාගත් බවයි පොලිසිය පැවසුවේ.

පසුව කළ සෝදිසි කිරීම්වලදී අදාල මෝටර් රථයේ තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.