රට ගොඩ නැගීමේ ගමනට මහින්ද රාජපක්ෂගේ අත්දැකීම් ලබාගත යුතු බවත් කළ යුත්තේ රට විනාශ කර බලය ලබා ගැනීම නොව සර්ව පාක්ෂික රජයට එක්වී රට දිනවීමේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම බවත් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ ජනාධිපතිවරයා රටේ සියලුදෙනාගේ සහයෝගය මත කටයුතු කරන අතර පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ අයගේ අත්දැකීම්ද රට ගොඩ ගැනීමට අවශ්‍ය බවයි.