27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසැඩ පහරකට හසුවූ තිදෙනෙකු අතුරුදන්

සැඩ පහරකට හසුවූ තිදෙනෙකු අතුරුදන්

නාවලපිටිය – කැටබුලාව ප්‍රදේශයේදී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වෙයි.

නාවලපිටිය පොලීසිය පැවසුවේ අතුරුදන් වූවන් අවුරුදු 36, 46 සහ 57 යන වයස්වල පසුවන්නන් බවයි. මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීය වීමක් සමඟ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (02) විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව දැනුම් දෙයි.

උතුරු මැද පළාතේද අද (02) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50 පමණ දක්වා වැඩිවිය හැකියි.