― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන තවදුරටත් පරීක්ෂණ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන තවදුරටත් පරීක්ෂණ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද (03) දැනුම් දුන්නේය.

එහි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා අදාළ පැමිණිල්ල සැප්තැම්බර් මස 21 වැනිදා කැඳවන ලෙස නියම කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස විනිසුරුවරයා රජයේ නීතිඥයාට දැනුම් දී තිබේ.