26.1 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩීසල් නෞකාවකට මුදල් ගෙවයි

ඩීසල් නෞකාවකට මුදල් ගෙවයි

මෙරටට ළඟා වූ ඩීසල් නෞකාවකට මුදල් ගෙවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව පවසයි.

එමෙන්ම තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතව ඇති බව ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අතර රජයේ වාහන, ආයතනික වාහන හා ව්‍යාපාරික වාහන ලියාපදිංචිය සඳහා සාමාන්‍ය ලියාපදිංචි ක්‍රමවේදය භාවිත කරමින් එම වාහනයේ රියැදුරුගේ ජාතික හැඳුනුම්පත් අංකය, ගුවන් ගමන් බලපත්‍රය හෝ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එක් වාහනයක් සඳහා එක් ජංගම දුරකතන අංකයකින් ලියාපදිංචි වීමට පහසුකම් සලසා තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, ලබන 12 වැනි දා සිට ඒ සඳහා පහසුකම් සලසා ඇති බවයි.