27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපතිගෙන් රනිල්ට ඇමතුමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනපතිගෙන් රනිල්ට ඇමතුමක්

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ජනාධිපති ෂීක් මොහොමඩ් බිංග් සයිඩ් අල් නයාන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව මුහුණදෙන දුෂ්කරතා මඟහරවා ගනිමින් ස්ථාවර සහ සාමකාමී පරිසරයක් අත්කර ගැනීම සඳහා සහය වන බවත් දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපතිවරුන් දෙපළ දුරකතනයෙන් සාකච්ඡා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් සුබ පැතීම සඳහා එක්සත් එමීර් රාජ්‍ය ජනාධිපතිවරයා විසින් දුරකතන ඇමතුමක් ලබා දී ඇති බවයි.