9 වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය අද (03) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහිදී ත්‍රිවිධ හමුදාව ජනාධිපතිවරයාට උත්තමාචාරයක්ද පිරිනමනු ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය සඳහන් කළේය.
ආචාර වෙඩි මුර හෝ පෙළපාලි කිසිවක් තුන්වැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවයේදී සිදු නොකෙරෙන බවද පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය අවධාරණය කළේය.