27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන තීරණයක් ගන්නවා

පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන තීරණයක් ගන්නවා

අලාභ ලබන රාජ්‍ය ව්‍යවසාය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පය මේ වන විට අසාර්ථක වී ඇති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

“මීට දශක හතරකට පහකට පෙරාතුව රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ ආර්ථික සංකල්පයක් පැවැතුණා. නමුත් එය අසාර්ථක බව මුළු ලොවම පිළිගෙන තිබෙනවා. සමාජවාදී රටවල් වන චීනය හා වියට්නාමය පවා දැන් රාජ්‍ය ව්‍යවසාය ක්‍රියාත්මක කරන්නේ නෑ. අපි තවදුරටත් මේ පැරණි සංකල්පයේම එල්ලී සිටියොත් අපේ රට පහතට වැටෙන එක නවත්වන්න කිසිවෙකුටත් බෑ. පාඩු ලබන ව්‍යවසායන් ඉදිරියට කරගෙන යන්නේ කෙසේද කියා අපිට ප්‍රතිපත්තිමය තීරණ ගන්න වෙනවා.”