― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසජිත්ගේ වැනිල්ලෙන් සජබෙ පිරිසක් ආණ්ඩුවට!

සජිත්ගේ වැනිල්ලෙන් සජබෙ පිරිසක් ආණ්ඩුවට!

ඉදිරි සතිය තුළ සජිත් ප්‍රේමදාස තීන්දුවක් ලබා නොගතහොත් සමගි ජන බලවේගයේ කණ්ඩායමක් අනිවාර්යයෙන්ම එම පක්ෂයෙන් ඉවත් වී ආණ්ඩුවට එකතු බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

අමාත්‍යව මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) පෞද්ගලික නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමිනි.

සමගි ජන බලවේගය දෙකඩ වීමට තමා අකමැති බවත් ජ්‍යෙෂ්ඨයන්, නව පරපුරේ කිහිපදෙනක් සහ තම මැද වයසේ කිහිපදෙනෙකු එලෙස පක්ෂයෙන් ඉවත් වීමට සූදානම් බව අමාත්‍යවරයා එහිදී හෙළිදරවු කළේය.

තමා තවමත් සමගි ජන බලවේගයේ කොටස්කරුවෙකු බවත් යම්කිසි දවසක සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කරන පුද්ගලයා තමන් බවත් ප්‍රනාන්දු අවධාරණය කළේය.