31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPolitical2048දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරනවා - ජනපති රනිල්

2048දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කරනවා – ජනපති රනිල්

ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කරයි.

දීර්ඝ කාලීන ආර්ථික ප්‍රතිපත්ති තුළින් 2048 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කළ හැකි බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරඹීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජාතිය අමතා මේ බව ප්‍රකාශ කළේය.

ආර්ථික අර්බුදයක සිරවී සිටි ශ්‍රී ලංකාවට සහන සැලසීම පිළිබඳව ඉන්දියාවට සහ අගමැති මෝදිට සිය කෘතඥතාව පළ කරන බව පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපතිවරයා බවත් සියලු දෙනාගේම අයිතීන් සුරැකීමට පොරොන්දු වන බවත්ය.

ශී‍්‍ර ලංකාව දැඩි අසීරුතාවයකට පත් වූ අවස්ථාවේදී ඉන්දියාව ලබාදුන් සහයද ජනාධිපතිවරයා එහිදී සිහිපත් කළේය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය, ඉන්ධන, ගෑස් හිඟයට විසඳුම් ලැබී ඇති බවත් ඔහු පැවසීය.