29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනූ නවයෙන් පිය පුතු දිවි බේරුණු දුම්රිය අනතුර

අනූ නවයෙන් පිය පුතු දිවි බේරුණු දුම්රිය අනතුර

අම්බලන්ගොඩ මාදමපාගම නිග්‍රෝධාරාම මාවතේ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටී ඇතැයි පොලිසිය පවසයි.

එහි ගමන් කළ රියදුරු හා ඔහුගේ දරුවාට කිසිඳු අනතුරක් සිදු නොවී දිවි ගලවාගෙන ඇති අතර මෝටර් රථයේ පිටුපස කොටස දුම්රියේ ගැටීම නිසා රියදුරු සහ දරුවා තුවාල නොලබා දිවි ගලවාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් කියා සිටියේ දුම්රිය හරස්මාර්ගයේ සංඥා පද්ධතිය මාස කිහිපයක් ක්‍රියා විරහිතව ඇති නිසා අනතුරු සිදුවන බවයි. අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වන මන්දගාමී දුම්රියට මෝටර් රථය ගැටී තිබෙන බව අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය පවසයි.

සංඥා ලාම්පු ක්‍රියා විරහිත බැවින් ඉටිකොළවලින් වසා දමා තිබෙනු දැක ගත හැකිවිය.