24.2 C
Colombo
Tuesday, November 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

නාමල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 04කට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් 08 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (04) නියම කළේය.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරමින් ආයතන උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එක්. ආර්. කන්සල්ටන්සි නමැති සමාගමේ ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මාධ්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු 04 දෙනෙකුට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.