27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුපුන්ගෙන් ලක් මාතාවට ඉතිහාසගත ලෝකඩ පදක්කමක්

යුපුන්ගෙන් ලක් මාතාවට ඉතිහාසගත ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් ඊයේ (03) සමත්විය.

ඒ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත්වීමත් සමගිනි. යුපුන් එම ඉසව්ව තත්පර 10.14 කින් අවසන් කිරීමට සමත්විය.

කෙසේ වෙතත් මෙම කාලය යුපුන්ගේ පෞද්ගලික හොඳම කාලයද නොවෙයි. මෙම ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.