ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත් එය තමන්ගේ දර්ශනය හා සමාන වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තමබින් හෙතෙම මේ බව සඳහන් කළේය.
අලුත් රටක් ගොඩනැගීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බවත් එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වනු ඇති බවත් එම පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
ඉන්දු – පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු බවත් හර්ෂ ද සිල්වා එම සටහනෙන් දක්වා තිබේ.