31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදුලි පරිභෝජනය 20%කින් පහළට

විදුලි පරිභෝජනය 20%කින් පහළට

මෙරට විදුලි පරිභෝජනය 20%කින් පහළ ගොස් ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

මාස කිහිපයක් පුරා සිදුකළ විදුලි කප්පාදුව හා විදුලි උපකරණ අවම වශයෙන් භාවිතා කිරීමට පරිභෝහිකයන් යොමුවීම මීට හේතු වන්නට ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පෙන්වා දෙයි.

හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ විදුලි පාරිභෝගිකයන් මීට මාස හයකට පමණ පෙර දිනකට විදුලි ඒකක මිලියන 48ක් පරිභෝජනය කළද මේ වන විට එම ඒකක ගණන මිලියන 38ක් ලෙස පහළ ගොස් ඇති බවයි.

පසුගිය දින කිහිපයේදී ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් විදුලි ඒකක මිලියන සියයක පමණ ප්‍රමාණයක් නිපදවීමට හැකි ජල ධාරිතාවක් ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජල විදුලිය නිෂ්පාදනය ඉහළ යාමක් දිගින් දිගටම සිදු වුවහොත් දීර්ඝ කාලයක විදුලි කප්පාදුවකට යාමේ අවශ්‍යතාවක් මතුනොවෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ වනවිට සියලුම බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 60%ක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.