27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅහංගමදී හෝටලයක් තුළ සිදූ ඛේදවාචකය

අහංගමදී හෝටලයක් තුළ සිදූ ඛේදවාචකය

අහංගම ප්‍රදේශයේ හෝටලයක් තුළදී ඊයේ (04) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් එක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. වයස අවුරුදු 44ක පමණ පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහු වැලිගම, දේනුවල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

තිදරු පියෙක් වන මොහු වැලිගම ප්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙක් බවයි වාර්තා වුණේ. මෙම පුද්ගලයා තවත් අයෙක් සමඟ හෝටලයට පැමිණ සිටියදී නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇතැයි සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.