28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස් සංගම් කිහිපයක් අද වර්ජනයක

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද වර්ජනයක

සියයට 11.14කින් අඩු කළ බස් ගාස්තුව අද (05) දිනයේ සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 38ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා අඩු වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

එමෙන්ම මගීන්ගෙන් අඩුකළ මිලට වඩා වැඩි මුදලක් අය කරන බස්රථ සම්බන්ධයෙන් 1955 අංකය අමතා පැමිණිලි කරන ලෙසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වයි.

මේ අතර පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.