27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherවැසි තත්ත්වයේ අඩුවීමක්

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (05) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (05) දිනය තුළ විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල අද (05) දිනය තුළ වැසි වාර කිහිපයක් ඇති විය හැක අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි බව දැනුම් දෙයි.