31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකා ගැන පොලිසියෙන් කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

හිරුණිකා ගැන පොලිසියෙන් කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට

පසුගිය ජුලි මස 06 වැනිදා කොටුව ජනාධිපති මන්දිරය ඉදිරියට පැමිණ විරෝධතාවයක නිරත වීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු 10 දෙනෙකු සැකකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා කොටුව පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

අද (05) පෙරවරුවේ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව පොලිසිය මඟින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු දස දෙනෙකුට නොතීසි නිකුත් කර තිබුණා.

එහිදී හිරුණිකා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල අදාල පුද්ගලයන් සැකකරුවන් ලෙස නම් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම නීති විරෝධී බව අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව හිරුණිකා ඇතුළු පිරිස සැකකරුවන් ලෙස නම් කරන ලෙස කොටුව පොලිසිය කළ ඉල්ලීම මහේස්ත‍්‍රාත් අධිකරණය ප‍්‍රතික්ෂේප කර ඇති අතර අධිකරණය පොලිසියට අවවාද කර ඇත්තේ නිත්‍යානුකූල ලියවිලි අධිකරණයට නිසි අයුරින් ලබාදෙන ලෙසයි.