27.2 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් ගාස්තුව ඉහළට

තැපැල් ගාස්තුව ඉහළට

රුපියල් 15ක් වන සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නව සංශෝධන සහිත ගැසට් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත තැපැල්පතිවරයා විසින් ඉකුත් සිකුරාදා යවනු ලැබූ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (08) පැවසීය.

ඒ අනුව මේ මස 15 වැනිදාට නව ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අනිවාර්යයෙන්ම මේ මාසය තුළ ගාස්තු සංශෝධනය සිදුවන බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් නව සංශෝධන අනුව මූලික තැපැල් ගාස්තුව රුපියල් 50ක් දක්වා වැඩි වන නමුත් නව සංශෝධන අනුව පාර්සල් ගාස්තු ඇතුළු සමහර ගාස්තු පවතින ප්‍රමාණයට වඩා අඩුවනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

විදේශ තැපැල් ගාස්තු හා පාර්සල් ගාස්තුවද පසුගිය මාසයේදී ඉහළ නංවනු ලැබිණි. මීට පෙර දේශීය තැපැල්ෆාස්තු සංශෝධනයක් සිදු වූයේ 2018 ජුනි මස 15 වැනිදාය.