― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිරෝධතා මර්දනය සඳහා හදිසි නීතිය පැනවීම එක්සත් ජාතීන් හෙළා දකී

විරෝධතා මර්දනය සඳහා හදිසි නීතිය පැනවීම එක්සත් ජාතීන් හෙළා දකී

ශ්‍රී ලංකාවේ විරෝධතා මර්දනය කිරීම සඳහා හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් හෙළාදැක තිබේ.

ඔවුන් කියා සිටියේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ රටේ ආර්ථික කඩා වැටීමක් මධ්‍යයේ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා බලධාරීන් විසින් 2022 අප්‍රේල් 02 වැනිදා සිට හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කරමින් සිටින බවයි.

මෙම විශේෂඥයින් පිරිසට:

•සාමකාමීව රැස්වීමේ සහ සංගමයේ නිදහසේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමෙන්ට් නියොල්ටෙසි විලේ

•විදේශ ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ අත්තිය වාරිස්

•සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ නැවත සිදු නොවන බවට සහතික කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු ෆේබියන් සැල්වියෝලි

•සංවර්ධන අයිතිය සඳහා විශේෂ වාර්තාකරු සාද් අල්ෆාරාගි

•ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ ජාත්‍යන්තර පිළිවෙළක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ ස්වාධීන විශේෂඥයෙක් වන ලිවිංස්ටන් සෙවන්යානා

•ආහාර සඳහා ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු මයිකල් ෆක්රි

•මිරියම් එස්ට්‍රාඩා-කැස්ටිලෝ මෙනවිය (සභාපති-වාර්තාකරු)

•මුම්බා මලීලා මහතා (උප සභාපති)

•එලිනා ස්ටේනර්ටේ මෙනවිය

•ප්‍රියා ගෝපාලන් මහත්මිය

•අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම මැතිව් ගිලට් මහතා

•ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ෆ්‍රැන්සිස්කෝ කැලී සේ

•අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු අයිරින් ඛාන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ගේ තත්ත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු මේරි ලෝලර් මෙනවිය යන පිරිස ඇතුළත් වෙති.

ජුලි 15 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රට හැර ගොස් ධුරයෙන් ඉවත්වූයේ දිවයින පුරා මාස ගණනාවක් පැවති මහජන විරෝධතාවලින් පසුව බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙයි.

ඔහුගේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2022 ජූලි 17 වැනිදා තවත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේ “කරදර ඇති කරන්නන්ට” එරෙහිව දැඩි පිළිවෙතක් ගන්නා බවට ප්‍රතිඥා දෙමින් බව ද එක්සත් ජාතීන් සඳහන් කළේ ය.

එතැන් සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව 2022 ජූලි 27 වන දින වත්මන් හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කිරීම, ඇඳිරි නීතිය පැනවීම සහ ආරක්ෂක හමුදාවන්ට සහ හමුදාවට පුළුල් හා අභිමතය පරිදි බලතල ලබා දීමේ ආඥාපනත අනුමත කර තිබේ.

එවැනි බලතල ඔවුන්ට අධිකරණ අධීක්ෂණයකින් තොරව විරෝධතාකරුවන් රඳවා තබා ගැනීමට සහ පෞද්ගලික දේපළ සෙවීමට ඉඩ සලසන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහන් කළේ ය.

හදිසි නීති ක්‍රියාමාර්ග අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම ශ්‍රී ලංකා රජයට කනස්සල්ල යොමු කළ නමුත් ඉන් පලක් නොවූ බවත් සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝණය කිරීම හෙළා දකින බවත් විශේෂඥයින් අවධාරණය කර තිබේ.

වසර ගණනාවක් තිස්සේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් විසින් ලේඛනගත කරන ලද ශ්‍රී ලංකාවේ හදිසි බලතල දීර්ඝ කාලීනව අනිසි ලෙස භාවිත කිරීම සැලකිල්ලට ගනිමින්, එවැනි බලතලවල බලපෑම සහ ඉලක්කගත වාර්තා පිළිබඳව විශේෂඥයෝ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

මානව හිමිකම් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම හදිසි නීතිය යටතේ සුළුතර කණ්ඩායම් අවදානමට ලක්විය හැකි බවයි.

ජාත්‍යන්තර නීතිය යටතේ හදිසි අවස්ථා බලතල භාවිත කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටි අවශ්‍යතා සපුරා නොමැති බව ද ජාත්‍යන්තර විශේෂඥයින් අවධාරණය කළේ ය.

සිවිල් සමාජ නියෝජිතයන්, මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු විරෝධතාකරුවන් සාමකාමී විරෝධතා සන්දර්භය තුළ ආරක්ෂා කළ යුතු අතර ඔවුන් ඊට සහභාගී වීම හේතුවෙන් අපරාධ වගකීමකට මුහුණ නොදිය යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් විශේෂඥවරු රජයට සිහිපත් කර සිටිති.

එම විශේෂයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ හදිසි නීතිය නැවත නැවත භාවිත කිරීම නවත්වන ලෙසත් ඒ වෙනුවට ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව ශ්‍රී ලාංකිකයන් සමග විවෘත හා අව්‍යාජ සංවාදයක් ඇති කරන ලෙසයි.